Search

කටාර් ට බෑ කියා “YES” ප්‍රදර්ශනයට ක්වන්ටාස් එකග කරවාගත් හැටි හෙළිවෙයි

අමතර ගුවන් වාර සඳහා කටාර් ගුවන් සේවය විසින් කරනු ලැබූ ඉල්ලීම ෆෙඩරල් රජය විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ ක්වන්ටාස් ගුවන් සේවයේ බලපෑම මත බවට අදාළ සෙනෙට් කමිටුව විසින් නිගමනය කර තිබෙනවා.

සිය පළමු වාර්තාව නිකුත් කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ ගුවන් ගාස්තු ඉහළ අගයක් ගත්තද ක්වන්ටාස් ගුවන් සේවය සතු වෙළඳපොළ ඒකාධිකාරිය රැකගැනීම රජයේ අපේක්ෂාව වී තිබු බවයි.

රජයේ තීරණය නැවත සළකා බැලීමද ඇතුලුව සෙනෙට් කමිටුව විසින් ඊයේ දිනයේදී නිර්දේශ 10 ක් නිකුත් කරනු ලැබුවා.

ස්වදේශික හඩ ජනමත විචාරණයේදී රජයට සහය ලබාගැනීම වෙනුවෙන් ක්වන්ටාස් ඉල්ලීම ඉටු කිරීමට ෆෙඩරල් රජය කටයුතු කර ඇති බවටද චෝදනා එල්ල වනවා.

ජනමත විචාරණයේදී රජයේ ස්ථාවරය වන YES ලාංඡනය සිය ගුවන් යානා කිහිපයක ප්‍රදර්ශනය කිරීමටයි ක්වන්ටාස් ගුවන් සේවය පසුගියදා කටයුතු කලේ.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »