සිඩ්නි හි පැවති පලස්තීන රැළිය ගැන පාර්ශව රැසක අප්‍රසාදය

සිඩ්නි ඔපෙරා ශාලාව අසලදී ඊයේ පස්වරුවේ පවත්වන ලද පලස්තීන හිතවාදී රැළිය සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් අගමැති ක්‍රිස් මින්ස් ඇතුලු පාර්ශව රැසක් අප්‍රසාදය පළකරනවා.

මෙය ඔස්ටේ්‍රලියාව තුළ පවතින ආගමික සහජීවනයට බාධාවක් බවයි ඔහු අවධාරණය කරන්නේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ සිටින යුදෙව් ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට සියලු පියවර ගෙන ඇති බවද ක්‍රිස් මින්ස් ප්‍රකාශ කලා.

1,000 කට ආසන්න පිරිසක් සහභාගී වූ මෙම රැළියේදී ඊශ්‍රායල ධජ ගිනි තැබීම් ඇතුලු ප්‍රචණ්ඩ සිදුවීම් කිහිපයක්ද වාර්තා වී තිබුණා.

මෙහිදී කළහකාරීව හැසිරුණු පිරිස් අත්අඩංගුවට ගැනීමට සී සී ටී වී දර්ශන උපයෝගී කරගන්නා බවයි නිවු සවුත් වේල්ස් පොලිසිය සඳහන් කරන්නේ.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »