Search

ඕස්ට්‍රේලියානුවන් සතු අවශ්‍ය නොවන ඇඳුම්වල වටිනාකම $ බිලියන 18.5 ක්

ඕස්ට්‍රේලියානුවන් සතු භාවිතයට නොගන්නා සහ අවශ්‍ය නොවන ඇඳුම්වල වටිනාකම ඩොලර් බිලියන 18.5 කට ආසන්න බවට තක්සේරු කර තිබෙනවා.

මිළදී ගෙන එක් වරක් හෝ භාවිතයට ගෙන නොමැති ඇඳුම් බොහෝ දෙනා සතු අතර එක් අයෙකු සතුව ඇති එවැනි ඇඳුම්වල වටිනාකම ඩොලර් 952 කට ආසන්න බවයි පැවසෙන්නේ.

පවතින ආර්ථික තත්වය හමුවේ අවශ්‍යතා ඇති පුද්ගලයින් සදහා මෙවැනි ඇදුම් බෙදා දීමට සැලසුම් කර තිබෙනවා.

අවශ්‍යතා ඇති ඕස්ට්‍රේලියානුවන්ට හට අදාළ ඇඳුම් පරිත්‍යාග කිරීමට රතු කුරුස සංවිධානය හා සම්බන්ධවීමට විවිධ පාර්ශව මේ වන විටත් එකගවී අවසන්.

එහි මූලික අධියර ලෙස ලබන 21 වන දින නොමිලේ ඇදුම් බෙදා හැරීමේ වැඩපිළිවෙලක් උබර් ආයතනය සමග ඒකාබද්ධව ක්‍රිාක්මකයි.

ඒ අනුව ඇඩිලේඩ් – බ්‍රිස්බන් – මෙල්බර්න් – පර්ත් සහ සිඩ්නි යන නගරවල පවතින රතු කුරුස මධ්‍යස්ථාන වෛත උබර් සේවා හරහා නොමිළයේ ඇදුම් පරිත්‍යාග කිරීමට හැකියාව පවතිනවා.

පිරිසිදු සහ භාවිත කල හැකි තත්වයේ පවතින ඇදුම් ආයිත්තම් පරිත්‍යාග කිරීමට කැමති පිරිස් වෙත මේ සදහා දායක වන ලෙසයි රතුකුරුස සංවිධානය දන්වා සිටින්නේ.

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »