ග්‍රීෂ්ඹ සෘතුවේ NSW හි වේග සීමා කැමරා තවත් පුලුල් කරයි

අධික වේගයෙන් රිය පැදවීම පාලනය සඳහා වේග සීමා නිරීක්ෂණ කැමරා පද්ධතිය තවදුරටත් පුලූල් කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලබන මස මුලදී තවත් නව වේග සීමා නිරීක්ෂණ කැමරා කිහිපයක් ස්ථාපිත කිරීමට නියමිතයි.

පසුගිය දා අධික වේගයකින් ධාවනය කල මෝටර් රථයකට හසුවීමෙන් කුඩා ළමුන් දෙදෙනෙකු මියයෑමත් සමගයි ප්‍රාන්ත රජය මෙම පියවර ගෙන ඇත්තේ.

නිවු සවුත් වේල්ස් මාර්ග අමාත්‍ය ජෝන් ග්‍රැහැම් සඳහන් කළේ එළඹෙන ග්‍රීෂ්ම සෘතුවේදී ජංගම වේග සීමා කැමරා මෙහෙයුම් තව දුරටත් පුලූල් කරන අතර නිවාඩු සමයේ අධික වේගයෙන් රිය පැදවීම වැළැක්වීම එහි අරමුණ බවයි.

මෙම වසරේ සිඩ්නි ගුවන්තොටුපල අවට පැය 700 කට වැඩි ප්‍රමාණයක් අධිවේගී කැමරා දත්ත නිරීක්ෂණය කර තිබුණා.

2018 – 2022 වසර අතර අදාළ කලාපයේ අධික වේගය හේතුවෙන් සිදුවු රිය අනතුරු සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »