මත්ද්‍රව්‍ය සුලු ප්‍රමාණයන්ට NSW හි අපරාධ චෝදනා නවතී

මත්ද්‍රව්‍ය සුලු ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට අපරාධ චෝදනා ගොණු නොකරන පරිදි නීති පද්ධතියට දැවැන්ත ප්‍රතිසංස්කරණයක් හඳුන්වාදීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සූදානම් වනවා.

ඊට අදාළ නීති සංශෝධනය මෙම සතියේ ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ලබන වසරේ ආරම්භයේ සිට ක්‍රියාත්මක වනු ඇති.

නව සංශෝධනය යටතේ ඩොලර් 400 ක් බැගින් වන ස්ථානීය දඩ 02 ක් නිකුත් කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසියට අවසර හිමිවනවා.

ඒ අනුව මත්ද්‍රව්‍ය නඩු සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් පහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

කෙසේවෙතත් ඉතා සුලු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සන්තකයේ පැවති අයෙකුට පමණක් මෙම දඩය නියම කල හැකි අතර මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එම අවසරය හිමිවන්නේ නැහැ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »