Search

ක්‍රීඩා උළෙල අවලංගු කිරීම මාස ගණනකට පෙර දැන සිටි බවට VIC අගමැතිනිට චෝදනා

2026 වසරේ වික්ටෝරියා ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අවලංගු කිරීමට පෙර එහි වියදම දෙගුණයකින් ඉහළ යන බව වත්මන් ප්‍රාන්ත අගමැතිනී ජසින්ටා ඇලන් මාස ගණනකට පෙර සිටම දැන සිටි බවට චෝදනා එල්ල වනවා.

ක්‍රීඩා උළෙල අවලංගු කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විමර්ශනයේ පළමු දින සාක්ෂි විභාගයේදීයි එය තහවුරු වී ඇත්තේ.

මෙම ක්‍රීඩා උළෙල සඳහා පළමුවෙන් සකස් කල අයවැය ලේඛනයට අනුව වියදම ඩොලර් බිලියන 2.6 ක් ලෙස පැවතුණා.

කෙසේවෙතත් එය ඩොලර් බිලියන 07 ක් දක්වා ඉහළ යනු ඇති බවට පසුගිය මාර්තු මාසයේදීම පාලක ලේබර් පක්ෂ ඇමති මණ්ඩලය විසින් දැන සිටි බවටයි චෝදනා එල්ල වන්නේ.

එහෙත් ජූනි 13 දා පැවති පාර්ලිමේන්තු අයවැයට එක්වෙමින් ජසින්තා ඇලන් සඳහන් කර තිබුණේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීමට අදාළ සියලූ කටයුතු හොදින් සිදුවන බවයි.

එවැනි ප්‍රකාශ සිදු කරමින් පාර්ලිමෙන්තුව සහ මහජනතාව නොමග යැවීමට ඇය කටයුතු කල බවටයි විපක්ෂය විසින් චෝදනා එල්ල කර ඇත්තේ.

ක්‍රීඩා උළෙල අවලංගු කිරීම සම්බන්ධයෙන් විගණකාධිපති පරීක්ෂණයක් ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »