
විශ්‍රාම වැටුප් ලබන ඔස්ට්‍රේලියානුවන් මිලියන 09 කට පමණ නව ප්‍රතිලාභ රැසක් හිමිවන පරිදි Superannuation සඳහා සංශෝධන හඳුන්වාදීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ, වැටුප් දිනයේදීම අදාළ අරමුදල් වෙත බැර කිරීමට සේවායෝජකයන්ට සිදුවනු ඇති.
මෙවර අයවැයට ඇතුළත් වූ අදාළ යෝජනාව 2026 ජූලි මස 1 වනදා සිට ක්‍රියාත්මක කෙරෙන අතර ඊයේ සිට ලබන නොවැම්බර් 03 වනදා දක්වා මහජන අදහස් විමසීමකට යටත් කර තිබෙනවා.

සේවයෙන් විශ්‍රාම යාමෙන් පසු හිමිවන විශ්‍රාම වැටුපට අමතරව ඩොලර් 6,000 කට ආසන්න තවත් මුදලක් ලබාගැනීමට මේ යටතේ විශ්‍රාම වැටුප් ලාභින්ට අවස්ථාව හිමිවීම විශේෂත්වයක්.
එමෙන්ම අදාළ දායක මුදල් විශ්‍රාම යෑමට පෙර සේවයේ යෙදී සිටියදීම ලබා ගැනීමට හැකි වන අතර ප්‍රමාදයකින් තොරව Superannuation ලබාගැනීමට ද හැකිවනු ඇති.

යෝජීත වැඩපිළිවෙල සම්බන්ධයෙන් බදු කාර්යාලය මගින් අවශ්‍ය තක්සේරු කිරිම් ද මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.
භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් ප්‍රකාශ කළේ නව වැඩපිළිවෙල යටතේ විශ්‍රාමිකයින් සදහා වඩාත් ගෞරවාන්විත විශ්‍රාම දිවියක් සදහා අවස්ථාව හිමිවන බවයි.
දායක මුදල් සදහා හිමිකම් තිබුණ ද මෙතෙක් දායක මුදල් හිමි නොවු පිරීස් වෙනුවෙන්ද එම ප්‍රතිලාභ ලබා දෙන බවයි භාණ්ඩාගාරය නිවේදනය කළේ.