කටාර් ගුවන් වාර ප්‍රතික්ෂේප කිරීම නැවත සළකා බලන්නැයි නිර්දේශ

කටාර් ගුවන් සේවයේ අමතර ගුවන් වාර ප්‍රතික්ෂේප කිරීමට ෆෙඩරල් රජය විසින් ගත් තීරණය නැවත සළකා බලන්නැයි සෙනෙට් කමිටුවක් විසින් නිර්දේශ කර තිබෙනවා.

අදාළ තීරණය පිළිබඳ විමසා බැලීමට පත් කල සෙනෙට් කමිටුව විසින් සිය පළමු අතුරු වාර්තාව නිකුත් කරමිනුයි මෙම නිර්දේශය ලබා දී ඇත්තේ.

අභ්‍යන්තර ගුවන් ගමන් පිළිබඳ නියාමනය කිරීමේ බලතල නැවතත් ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම වෙත පවරාදිය යුතුවීමද එම නිර්දේශ අතර වනවා.

මෙම සෙනෙට් කමිටුව හමුවට කැඳවනු ලැබූ ක්වන්ටාස් හිටපු ප්‍රධාන විධායක නිළධාරී ඇලන් ජොයිස් සහ වත්මන් ලේබර් රජයේ ප්‍රවාහන ඇමතිනී කැතරින් කිංග් සාක්ෂි ලබාදෙන තුරු කමිටුවේ නිල කාලය දීර්ඝ කරන්නැයිද ඉල්ලීමක් ලැබී තිබෙනවා.

කෙසේවෙතත් මෙම කමිටු නිර්දේශ 10 නිකුත් කර ඇත්තේ සෙනෙට් කමිටුවේ සාමාජිකයන්ගේ බහුතර කැමැත්තෙන් මිස ඒකමතික අනුමැතිය යටතේ නොවන බවද සඳහන්.

කුලී නිවාස ගන්න යනවා නම් මේ වංචාවට හසුවෙන්න එපා

කුලී නිවාස සපයා දෙන මුවාවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකෙරෙන මූල්‍ය වංචා පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස පොලිසිය ජනතාව දැනුවත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉල්ලීමක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ජීවිත 6ක් බිලිගත් සිඩ්නි ප්‍රහාරය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

සිඩ්නි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයකදී පුද්ගලයන් කිහිප දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු පොලිස් වෙඩි පහරින් මිය ගිය 40 හැවිරිදි වියේ පසුවන පුද්ගලයා හඳුනා ගැනීමට පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතිනවා.

Read More »

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »