
පෝකර් යන්ත්‍ර මගින් පසුගිය මූල්‍ය වර්ෂය තුලදී ඔස්ට්‍රේලියානුවන් විසින් අහිමි කරගත් මුදල ඩොලර් බිලියන 14.5 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන් වැඩිම මුදල් අහිමිවීම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර එය ඩොලර් බිලියන 8.07 ක් ලෙසයි ගණන් බලා ඇත්තේ.
එය 2018-19 වසරට වඩා සියයට 23.7 ක මුදල් අහිමිවීම ඉහළයාමක්ද වනවා.

එම අගය ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඩොලර් බිලියන 3.2 ක් ද / වික්ටෝරියා ප්‍රාන්තයේ ඩොලර් බිලියන 3ක් ද / දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් මිලියන 917 ක් ද වන අතර ටස්මේනියානුවන් විසින් අහිමි කරගෙන ඇති මුදල ඩොලර් මිලියන 190 ක් ලෙසයි වාර්තා වන්නේ.
විචාරකයින් පෙන්වා දෙන්නේ මෙම තත්වය රටට අහිතකර වන අතර සූදු ක්‍රීඩා නියාමනය සදහා ෆෙඩරල් රජය දැඩිව මැදිහත් විය යුතු බවයි.

මූල්‍ය පාඩු හමුවේ පවුල් ඒකක බිඳවැටීම් – ප්‍රචණ්ඩත්වය – මානසික ආතතිය මෙන්ම සියදිවි නසාගැනීම් දක්වා බරපතල සමාජ ගැටලූ රැසකට ඔස්ට්‍රේලියානුවන් මුහුණ දී තිබෙනවා.
මේ අතර ලිංගික අපචාර මෙන්ම මිනිස් ජාවාරම් ද සූදු ක්‍රිඩාවේ අතුරු ප්‍රතිපල වන අතර 13 11 14 දුරකතන අංක ඔස්සේ උපදේශණ සේවා වෙත සම්බන්ධ වීමට මහජනතාවට හැකියාව පවතිනවා.