Search

$ මිලියන 40 ක කොකේන් කිලෝ 100 ක් සමග 05 දෙනෙකු සිඩ්නි හිදී අත්අඩංගුවට

ඩොලර් මිලියන 40 ක වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 100 ක් සමග සැකකරුවන් 05 දෙනෙකු සිඩ්නි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් දෙදෙනෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ භාණ්ඩ මෙහෙයවීම්වල නිරත සේවකයන් බවයි පොලිසිය සඳහන් කලේ.

අදාළ කොකේන් තොගය පසුගිය සෙනසුරාදා දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක ගබඩා පර්යන්ත බහලූමක ඉතා සූක්ෂම ලෙස සගවා රැගෙනවිත් තිබුණා.

එහිදී ගුවන් තොටුපළ සේවකයන් දෙදෙනා විසින් එම කොකේන් තොගය ගුවන් තොටුපලින් පිටතට රැගෙනවිත් මෝටර් රථයක සිටි 24 හැවිරිදි තරුණයෙකුට ලබා දෙන අවස්ථාවේදීයි අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණේ.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු වන 42 හැවිරිදි අයෙකු සහ තවත් අයෙකු ද පසුව අත්අඩංගුවට ගෙන තිබුණා.

අවුරුදු 24 ත් 62 ත් අතර වියෙහි පසුවන සැකකාර ඔස්ටේ්‍රලියානුවන් 05 දෙනාම සැකකරුවන් අධිකරණය වෙත යොමු කිරීමෙන් අනතුරුව ලබන නොවැම්බර් 30 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර කර තිබෙනවා.

සිද්ධිය සම්බන්යෙන් ඔවුන් වරද කරුවන් වුවමොත් ජීවිතාන්තය දක්වා සිරදඩුවමට යටත් වනු ඇති.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »