කොමන්වෙල්ත් බැංකුව තවත් සේවක කප්පාදුවකට සූදානම් වන බවට චෝදනා

කොමන්වෙල්ත් බැංකුව විසින් තවත් සේවක කප්පාදුවකට සූදානම් වන බවට වෘත්තිය සමිති විසින් චෝදනා කරනවා.

සිඩ්නි – මෙල්බන් සහ පර්ත් නගරවල පිහිටා ඇති බැංකු ශාඛාවල සේවක සේවිකාවන් 200 කට ආසන්න පිරිසක් මෙලෙස ඉවත් කිරීමේ සූදානමක් පවතින බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ගතවූ මූල්‍ය වර්ෂය සඳහා ඩොලර් බිලියන 10.2 ක දැවැන්ත ලාභයක් ලබා ඇති පසුබිමක කොමන්වෙල්ත් බැංකු මෙලෙස අඛණ්ඩව සේවක කප්පාදු කිරීම්වල නිරතවීම පිළිගත නොහැකි බවටත් වෘත්තිය සමිති චෝදනා කර සිටිනවා.

ගතවූ මාස 12 ක කාලය තුළදී කොමන්වෙල්ත් බැංකු විසින් සේවකයන් 1,085 ක් පමණ රැකියාවලින් ඉවත් කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් කොමන්වෙල්ත් බැංකු අවධාරණය කරන්නේ සිය ප්‍රතිසංස්කරණ මාලාව යටතේ මෙලෙස සේවක කප්පාදු සිදු කෙරෙන බවයි.

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »