Services Australia සේවකයන් පැය 24 ක වර්ජනයක

Services Australia විසින් පැය 24 ක වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

34,000 කට ආසන්න සේවකයන් අතුරින් 1/3 ක් පමණ මෙම වර්ජනයට එක්ව සිටින බව සඳහන්.

රජය විසින් යෝජනා කර ඇති වැටුප් සංශෝධනයට විරෝධය පළකරමිනුයි මෙම වර්ජනය ක්‍රියාත්මක කරනු ලැබ ඇත්තේ.

මෙම වර්ජනය හමුවේ දීමනා ගෙවීම් ඇතුලු කිසිදු සේවාවකට බාධාවක් එල්ල නොවන බවයි Services Australia අවධාරණය කරන්නේ.

ඒ අනුව Services Australia විසින් සපයන සියලු ඔන්ලයින් සේවා ගැටලුවකින් තොරව ක්‍රියාත්මක වනු ඇති.

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

ගිරවුන් වෙළඳාමට නතර කරන්න කැන්බරා විද්‍යාඥයින්ගෙන් නව වැඩසටහනක්

කැන්බරා සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් එක්ව ගිරවුන් ජාවාරම් කිරීම වැළක්වීම සඳහා DNA තාක්ෂණය භාවිත කරමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

වල් ඌරන් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගැටලුවක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වල් ඌරු ගහනය ඉහල යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් අරමුදල් යොදවන ලෙසට ගොවීන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

Read More »