Search

පූර්ව ඡන්ද මිලියන 02 ඉක්මවයි – Yes කඳවුර අඛණ්ඩ පසුබෑමක

ස්වදේශික හඩ ජනමත විචාරණය සඳහා පූර්ව ඡන්දය ප්‍රකාශ කල ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව මිලියන 02 ඉක්මවා ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිසමේ දත්ත අනුව ඊයේ පස්වරුව වනවිට මිලියන 2.2 ක පිරිසක් පූර්ව ඡන්දය ප්‍රකාශ කර අවසන්ව සිටි බවයි පැවසෙන්නේ.

මේ අතර ජනමත විචාරණයට අදාළව නවතම Newspoll සමීක්ෂණ වාර්තාව අද නිකුත් කෙරුණා.

ඊට අනුව Yes කඳවුරට සහය පළකරන ප්‍රතිශතය සියයට 34 ක් දක්වා අඩු වී ඇති බවයි සඳහන් වන්නේ.

No කඳවුරට සහය දක්වන පිරිස සියයට 58 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තරුණ ප්‍රජාව තුළින් මෙතෙක් පැවති සහය ද Yes කඳවුරෙන් ගිලිහී ගොස් ඇති බවයි Newspoll සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

එමෙන්ම පාලක ලේබර් පක්ෂ සාමාජිකයන් විසින් ජනමත විචාරණ යෝජනාවට දක්වන සහයද සියයට 50 ට වඩා අඩු අගයකට පත්ව තිබීම විශේෂත්වයක්.

කෙසේවෙතත් මෙම සමික්ෂණ වාර්තා ප්‍රථිඵල මුලුමණින්ම පිළිගත නොහැකි බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් අවධාරණය කරන්නේ.

සැබෑ ප්‍රථිඵලය ලබන සෙනසුරාදා පස්වරුව වනවිට ජනතාවට දැනගැනීමට හැකිවනු ඇති බවද ඔහු සඳහන් කලා.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »