Search

ස්වදේශික ජනතාව අතර බෙදීම තවත් ඉහළ යා හැකි බවට අනාවැකි

ස්වදේශික ජනමත විචාරණයේ ප්‍රථිඵලය කුමක් වුවද එමගින් ස්වදේශික ජනතාව අතර බෙදීම තවත් ඉහළ යා හැකි බවට සමීක්ෂණ වාර්තාවක් අනාවැකි පළකරනවා.

ඇබොරිජින් ඇතුලු ස්වදේශික ජනතාව සමාන ප්‍රතිශතයන්ගෙන් YES සහ NO කඳවුරු වෙත බෙදී ඇති බවයි එහි දැක්වෙන්නේ.

ඉදිරි සතියේ ප්‍රචාරණ කටයුතු අනුව බහුතර කඳවුරට සියයට 54 ත් 57 ත් අතර ප්‍රතිශතයක් ලැබෙනු ඇති බවටද අනාවැකි පළවනවා.

ලබන සෙනසුරාදා පැවැත්වෙන ජනමත විචාරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ලබන බදාදායින් අවසන් වනවා.

මේ වනවිට මිලියන 02 කට ආසන්න පිරිසක් පූර්ව ඡන්ද ප්‍රකාශ කර ඇති බවද සඳහන්.

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »