මෙතෙක් නොගෙවූ NSW නිරෝධායන හෝටල් ගාස්තු බැංකු ගිණුම්වලින් කපා ගනී

කොවිඩ් සමයේ නිරෝධායන හෝටල් ගාස්තු සඳහා මෙතෙක් ගෙවා නොමැති මුදල් අය කරගැනීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් දැඩි පියවරක් අනුගමනය කරමින් සිටිනවා.

ඒ අනුව මෙතෙක් අදාළ මුදල් ගෙවා නොමැති පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලින් ඩොලර් 3,000 ක එම ගාස්තුව කපා ගැනීමටයි කටයුතු යොදා ඇත්තේ.

කොවිඩ් සමයේ නිරෝධායන පහසුකම් ලබාගත් පුද්ගලයන් 17,000 ක් පමණ තවමත් අදාළ ගාස්තු ගෙවා නොමැති බවයි පැවසෙන්නේ.

ඒ අනුව ඩොලර් මිලියන 50 කට ආසන්න මුදලක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයට අයවීමට නියමිතව පවතින බවටයි තක්සේරු කර ඇත්තේ.

මේ අතර සිය අනුමැතියකින් තොරව බැංකු ගිණුමෙන් මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවාසීන් විසින් චෝදනා නගා තිබෙනවා.

කෙසේවෙතත් ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් එම ක්‍රියාව සාධාරණීකරණය කරමින් පවසා ඇත්තේ වසර 03 කට ආසන්න කාලයක් පුරා සිදුකල දැනුව්ත් කිරීම්වලින් අනතුරුව මෙම මුදල අයකර ගැනීමට කටයුතු කල බවයි.

රජයට අයවිය යුතු මුදල් නොමැතිව අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම දැඩි අසීරු බවද ඔහු කියාසිටියා.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »