Search

NSW පොදු උසස් පාසල්වල පූර්ණ ජංගම දුරකථන තහනම හෙට සිට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොදු උසස් පාසල්වල පූර්ණ ජංගම දුරකථන තහනමක් හෙට සිට බලාත්මක වනවා.

ඒ අනුව පාසල් වේලාව තුළ පංති කාමර තුළදී මෙන්ම ආපනශාලා තුළදීත් ජංගම දුරකථන භාවිතය සිසුන්ට තහනම් වනු ඇති.

නිවු සවුත් වේල්ස් පාසල්වල 04 වන අධ්‍යයන වාරය හෙට සිට ආරම්භ වන අතර පාසලට පැමිණි වහා ශිෂ්‍ය ලොකර් තුළ හෝ ඒ සඳහා වෙන් කර ඇති විශේෂ ස්ථානයක දුරකථන තබා යාමට සිදුවනවා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් පසුගිය අප්‍රේල් මාසයේදී මෙම තීන්දුව ගත් අතර පාසල් බළධාරීන් ඇතුලු වගකිවයුතු පාර්ශව ගණනාවක් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි මෙය ස්ථිරව ක්‍රියාත්මක කරනු ලබන්නේ.

වික්ටෝරියා පොදු පාසල්වල ජංගම දුරකථන භාවිතය තහනම් කෙරුණේ 2020 වසරේ දීයි.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලබන වසරේ පළමු වාරයේ සිට එවැනි තහනමක් බලාත්මක වනු ඇති.

Auslankatv Today’s Top Stories.2024.10.06

වැරදි පුරුදු නිසා ඔස්ට්‍රේලියා තරුණයන්ට රැකියා අහිමි වීමේ අවදානමක් පිළිකා ඇති ඔස්ට්‍රේලියානුවන්ට මෙල්බන්වලින් සුබ ආරංචියක් මෙල්බන්වලදී ශ්‍රී ලාංකිකයෙකුගේ මෝටර් රථයක් පැහැරගනී ඔක්තෝබර් මාසයේ Long Weekend

Read More »

ඔස්ට්‍රේලියාවේ මාරක මකුළුවෙකුගේ විෂ මගින් හෘද රෝගීන්ට ප්‍රතිකාරයක්

ඔස්ට්‍රේලියාවේ මාරාන්තික මකුළුවෙකුගේ විෂ භාවිතා කර හෘද රෝගීන් සඳහා ඖෂධයක් නිපදවීමට මෙරට විශේෂඥයන් පිරිසක් සමත්ව තිබෙනවා.

Read More »

ජීවිත දෙකක් නැති කළ වික්ටෝරියා ප්‍රාන්තයේ අනතුර

වික්ටෝරියා ප්‍රාන්තයේ ටුබුට් (Tubbut) ප්‍රදේශයේ බගී (buggy) රථයක් අනතුරට ලක්වීමෙන් කුඩා දරුවෙක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »