මෙල්බන් වෙඩි තැබීමට සම්බන්ධ 04 දෙනෙකු සොයා විමර්ශන

මෙල්බන් ක්‍රේගිබර්න් හි වෙළඳ සංකීර්ණයක රථගාලේ දී ඊයේ සිදුකල වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු සොයා වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔවුන් විසින් පළාන අතරතුර මෝටර් රථ 02 කටද ගිනි තබා තිබූ බව සඳහන්.

අදාළ වෙඩි තැබීමෙන් 27 හැවිරිදි මෙල්බන් පදිංචිකරුවෙකු මියගිය අතර 28 හැවිරිදි වෙනත් අයෙකු තුවාල ලබා තිබුණා.

තුවාල ලැබූ තැනැත්තා අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මේ අතර දිගින් දිගටම වාර්තාවන මෙවැනි සිදුවීම් හමුවේ මෙල්බන් නගරය අනාරක්ෂිත ස්ථානයක් බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය අවධාරණය කරන්නේ.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »