
ජනමත විචාරණය පරාජයට පත්වුවහොත් ස්වදේශික හඩ ව්‍යවස්ථා සංශෝධනය කිසිදු අයුරකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවට අගමැති ඇන්තනී ඇල්බනීස් සහතික වනවා.
මහජන විරෝධය හමුවේ කිසිදු නීතියක් බලහත්කාරයෙන් අනුමත කරවා ගැනීම සිය අරමුණ නොවන බවයි ඔහු අවධාරණය කරන්නේ.
ස්වදේශික ජනතාවට සම්බන්ධ කරුණු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී උපදේශක මණ්ඩලයක් පත් කිරීම ඇතුලු යෝජනා කිහිපයක් පදනම් කරනෙයි ලබන 14 වනදා මෙම ජනමත විචාරණය පැවැත්වෙන්නේ.

ඊයේ දිනය වනවිට මිලියන 1.8 ක පිරිසක් ඒ වෙනුවෙන් පූර්ව ඡන්දය භාවිත කර තිබුණා.
අගමැති ඇන්තනී ඇල්බනීස් ද ඊයේ සිඩ්නි නුවරදී ඡන්දය භාවිත කරනු ලැබුවා.

මෙම ජනමත විචාරණය සම්මත වීමට නම් ප්‍රාන්ත අතුරින් බහුතරයකදී මෙන්ම සමස්ත ජනතා ඡන්දයෙන් බහුතරයක් විසින්ද එය අනුමත කල යුතුයි.
කෙසේවෙතත් විත්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්ත හැර සෙසු සියලු ප්‍රාන්තවලදී යෝජනාවට විරුද්ධ පිරිස වැඩි අගයක් ගන්නා බවටයි සමීක්ෂණයකදී අනාවරණය වූයේ.