Search

සේවක හිගය නිසා වික්ටෝරියා ඉදි කිරීම් ව්‍යාපෘති කිහිපයක් නවතී

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්ත ඉදි කිරීම් ව්‍යාපෘති කිහිපයක් තාවකාලිකව අත්හිටුවීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

වසරකට නිවාස 80,000 ක් ඉදි කිරීමේ ඉලක්කයට ළගාවීම සඳහා දැනට සිටින ඉදි කිරීම් සේවකයන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීමයි ඊට හේතුව වන්නේ.

පසුගිය අගෝස්තු මාසයේදී රැකිාවල යෙදී සිටී වික්ටෝරියා ඉදි කිරීම් සේවකයන් සංඛ්‍යාව 333,000 කට ආසන්නව පැවතුණා.

එය මැයි මාසයට වඩා 21,000 ක අඩුවක් ලෙසයි සටහන් වී ඇත්තේ.

පවතින තත්වය හමුවේ ඉදිරියේදී නිපුණතා වීසා වැඩසටහන යටතේ වැඩි වශයෙන් ඉදි කිරීම් සේවකයන් ප්‍රාන්තයට ගෙන්වා ගැනීමටද වික්ටෝරියා ප්‍රාන්ත රජය සැළසුම් කරමින් සිටිනවා.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »