
පුද්ගලික වෛද්‍ය ගාස්තු ඉහළයාමත් සමග රජයේ රෝහල්වල හදිසි ප්‍රතිකාර අංශවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
එක් වරකට ඩොලර් 70 ත් 80 ත් අතර මුදලක් වෛද්‍යවරයෙකු වෙනුවෙන් වැය කිරීමට ඔස්ටේ්‍රලියානුවන්ට ඇති හැකියාව මේ වනවිට අඩුවෙමින් පවතින බව සඳහන්.
කෙසේවෙතත් බාහිර රෝගී ප්‍රතිකාර සඳහා හදිසි ප්‍රතිකාර අංශ යොදාගැනීමෙන් ඒවායෙහි තදබදයන් සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බවද නවතම වාර්තාවක දැක්වෙන්නේ.

රජයේ රෝහල්වලින් ශෛල්‍යකර්ම සිදුකර ගැනීම සඳහා පොරොත්තු ලේඛනවල සිටින ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 05 කට ආසන්නව පවතිනවා.
කිසියම් අයුරකින් මෙම තත්වය නිවැරදි අතට පත්නොවුණහොත් ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පද්ධතිය දැඩි අවධානමකට පත්වනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.
