
වික්ටෝරියා ප්‍රාන්තයේ කිරි කර්මාන්තයේ නිරත සේවකයන් මෙම මස අවසානයේදී වැඩ වර්ජනයකට සූදානම් වනවා.
කර්මාන්තශාලා 12 ක සේවකයන් 1,400 කට පිරිසක් ඊට එක්වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
වසර 03 කදී සියයට 15 ක වැටුප් වැඩිවීමක් ඉල්ලමිනුයි මෙම වර්ජනය සංවිධාන කර ඇත්තේ.

මෙම වර්ජනය හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සුපිරි වෙළඳසැල්වල දියර කිරි හිගයක් නිර්මාණය වනු ඇති බවටද අනතුරු ඇගවෙනවා.
බොහෝදුරරට ඔක්තෝබර් 18 වනදා මෙම වර්ජනය පැවැත්වෙනු ඇති බවට මත පළවන අතර ඒ සම්බන්ධ අවසාන තීරණය ලබන සතියේදී ගැනීමට නියමිතයි.
