
මෙල්බන් Craigieburn හි සුපිරි වෙළඳ සංකීර්ණයකදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බව සඳහන්.
අදාළ වෙළඳ සංකීර්ණයේ රථ ගාලෙහි මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
මෙය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවටයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විශ්වාසය පළකරන්නේ.
