
ලබන සෙනසුරාදා පැවැත්වෙන ස්වදේශික හඩ ජනමත විචාරණය වෙනුවෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
සිඩ්නි නුවර මැරික්විල් නගර ශාලාවේ ස්ථාපිත කර ඇති පූර්ව ඡන්ද මධ්‍යස්ථානයේදී ඔහු අද පෙරවරුවේ සිය ඡන්දය භාවිත කරනු ලැබුවා.
ඊයේ දිනය වනවිට ලක්ෂ 10 කට අධික පිරිසක් පූර්ව ඡන්දය ප්‍රකාශ කර තිබූ බවයි මැතිවරණ කොමිසමේ වාර්තා සඳහන් කලේ.

මේ අතර ජනමත විචාරණය සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තා කිහිපයක් මේ වනවිටත් නිකුත් වී තිබෙනවා.
එම සෑම වාර්තාවකටම අනුව යෝජනාවට විරුද්ධ ප්‍රතිශතය ඉහළ අගයක් ගැණුනද දින කිහිපයක සිට යෝජනාවට පක්ෂ පිරිස වැඩිවෙමින් පවතින බව සඳහන්.
