ප්‍රාදේශීය කලාප වෙත යාමට කැමති ගුරුවරුන්ට $ 50,000 ක දීමනාවක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වෙත යාමට කැමති ගුරුවරුන්ට ඩොලර් 50,000 ක දීමනාවක් පිරිනැමීමට අනුමත වී තිබෙනවා.

Regional Australia Institute හෙවත් ප්‍රාදේශීය ඔස්ට්‍රේලියා ආයතනය පෙන්වා දෙන්නේ දුෂ්කර සහ ප්‍රාදේශීය කලාපවල ගුරු හිගය ඉහළ අගයක පවතින බවයි.

ඒ අනුව දැනට රැකියා පුරප්පාඩු 4,000 ක් පමණ පවතින බවටයි හඳුනාගෙන ඇත්තේ.

විශ්‍රාම යාමේ ප්‍රසාද දීමනා – නිවාස කුළී දීමනා – වාර්ෂික දීමනා වැනි අංශ යටතේ මෙම ඩොලර් 50,000 ක මුදල ලබාදෙනු ඇති.

Regional Australia Institute පවසන පරිදි ගුරුවරුන් අතුරින් සියයට 77 ක අපේක්ෂාව වන්නේ වැටුප් වැඩිවීමක් ලබාගැනීමයි.

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »