Search

ඔස්ට්‍රේලියානුවන් මෙතෙක් ගෙන නොමැති Medicare මුදල්වල වටිනාකම $ මිලියන 200 ක්

ඔස්ට්‍රේලියානුවන් විසින් මෙතෙක් ලබාගෙන නොමැති Medicare අරමුදල්වල වටිනාකම ඩොලර් මිලියන 200 කට අධික බවට තක්සේරු කර තිබෙනවා.

Medicare සහ MyGov ගිණුම්වල තොරතුරු යාවත්කාලීන නොකිරීම ඊට ප්‍රධාන හේතුව බවටයි හඳුනාගෙන ඇත්තේ.

මේ අතුරින් ලක්ෂ 02 කට ආසන්න පිරිසක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පදිංචිකරුවන් වන අතර ඔවුන්ට ලැබීමට පවතින මුදල ඩොලර් මිලියන 44.1 ක්.

මෙතෙක් ඔන්ලයින් Medicare ගිණුමක් සකස් කර නොමැති පුද්ගලයන්ට වහා එය සකස් කර MyGov ගිණුම හා සම්බන්ධ කරන ලෙසටයි දැනුම්දීමක් සිදු කෙරෙන්නේ.

සියලු තොරතුරු නිවැරදිව යාවත්කාලීන කර ඇත්නම් තමන්ට ලැබීමට නියමිත Medicare මුදලක් ඇතිනම් දින 03 ක් තුළ එය දැනගත හැකියි.