ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ටද ඩොලර් 12,500 ක උපරිමයකට යටත්වන වට්ටමක් ලබාදීමට තීරණය වී තිබෙනවා.
අදාළ වට්ටම් මෙතෙක් නිවාස ඒකක සදහා පමණක් හිමිවු අතර මෙතැන් පටන් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහාද ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති.
බලශක්ති පිරිවැය පාලනය කෙරෙන උපකණ මිලදී ගැනීමේ දී එම පිරිවැයෙන් සියයට 50 ක් දක්වා වට්ටමක් හිමිකර ගැනීමට කුඩා ව්‍යාපාර හිමියන් 450,000 කට පමණ මෙහිදී අවස්ථාව පවතිනවා.
ඒ අනුව අවම වශයෙන් ඩොලර් 4000 ක වට්ටමක් ලබා ගැනීමට ඩොලර් 8000 ක වටිනාකමකින් යුත් විදුලි උපකරණ මිළදී ගත යුතුයි.
තරු 4 කාණ්ඩයට යටත් වන විද්‍යුත් උපකරණ සඳහා මෙන්ම ආලෝක පද්ධති – ශීතකරණ – රෙදි සෝදන යන්ත්‍ර – වියළන යන්ත්‍ර සඳහා අදාළ වට්ටම් හිමිවනවා.
බලශක්ති පිරිවැය අවම කර ගත හැකි විදුලි උපකරණ භාවිතය මගින් ඉදිරියේදී විදුලි බිල්පත් ගාස්තු පහත දැමීමට හැකි වන බවයි ක්වීන්ස්ලන්ඩ් අගමැතිනිය අවධාරණය කළේ.