මෙරට බැංකු පද්ධතිය ස්ථායී බව ෆෙඩරල් සංචිත බැංකුව කියයි

ගෝලීය ආර්ථික අර්බුද සඳහා සමග කටයුතු කිරීමට හැකිවන පරිදි මෙරට බැංකු පද්ධතිය ස්ථායීව පවතින බව ෆෙඩරල් සංචිත බැංකුව පවසනවා.

උද්ධමනය සහ පොලී අනුපාත ඉහළ ගියද රටේ ආර්ථිකය ස්ථාවර අගයක පවත්වාගෙන යා හැකි බවයි ෆෙඩරල් සංචිත බැංකුව අවධාරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් ඔස්ටේ්‍රලියානුවන්ගේ මූල්‍ය ආතතිය කිසිසේත් පහව ගොස් නොමැති බවයි නවතම වාර්තාවක සඳහන් වන්නේ.

බැංකු පොලී අනුපාතික – ජීවන වියදම සහ උද්ධමනය හමුවේ උපදේශණ සේවා සඳහා යොමුවන පිරිස ද ශිඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය ජුලී මස නිකුත් කල සංචිත බැංකු වාර්තාව මගින් පෙන්වා දෙන්නේ පුද්ගල ආදායමට වඩා උකස් ණය ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර නිවාස කුලී ගෙවීමට නොහැකිවීම හේතුවෙන් බොහෝ පිරිසක් ආතතියට පත්ව තිබෙනවා.

මෙම සතිය මුල බැංකු පොලී අනුපාතිකය 4.1 ක් ලෙස නොවෙනස්ව පවත්වාගෙන යාමටයි සංචිත බැංකුව තීරණය කලේ.

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »