Search

මෙල්බන් ගංවතුර පාලන කමිටු වාර්තාව ප්‍රසිද්ධ කෙරේ

weather flood rain

මෙල්බන් ගංවතුර පාලනය කිරීමේ අරමුණින් ජලනල පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

පසුගිය වසරේ ජල ගැලීම් සමග ගංගා පිටාර ගැලීමෙන් නිවාස 500 ක් පමණ මුලූමනින්ම ජලයෙන් යටවුණා.

ප්‍රදේශවාසීන් චෝදනා නගන්නේ ආපදා අනතුරු ඇගවීමේ සංඥා නිකුත්වීම ප්‍රමාද වීම ඊට හේතුවු බවයි.

ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන කමිටුවක් පත් කිරීමටයි බලධාරින් පියවර ගනු ලැබුවේ.

ඒ අනුව නිර්දේ’ශ 15 කින් සමන්විත කමිටු වාර්තාවක් මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අදාළ නිර්දේශවලට අනුකූලව වික්ටෝරියා ප්‍රාන්තය පුරා නව ජලනල පද්ධතියක් ස්ථාපිත කිරීමට අදාළ නව ආකෘතියක් ඉදිරිපත් කර තිබීම ද විශේෂත්වයක්.

එමගින් ආපදා තත්වයන් ඇතිවීමට පෙර වඩාත් නිරවද්‍ය තොරතුරු ලබා ගැනීමට මහජනතාවට අවස්ථාව හිමිවනු ඇති.

පැය 06 කට වඩා වැඩි වර්ෂාපතනයක් වාර්තාවන අවස්ථාවලදී නිසි තොරතුරු හුවමාරු කරගැනීම විධිමත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුකර තිබෙනවා.

පැරණි ජලනල පද්ධතියේ තාක්ෂණික දෝෂ මගහරවා ගත යුතු බවයි වැඩිදුරටත් අවධාරණය කෙරෙන්නේ.

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »