පළමු Woolworths – Coles ඒකාබද්ධ වර්ජනය අද

ප්‍රාන්ත 06 ක Woolworths සහ Coles සුපිරි වෙළඳසැල් ජාලවල සේවකයන් සිය ගණනක් අද වර්ජනයක නිරත වනවා.

වැටුප් සහ සේවා කොන්දේසි පදනම් කරගනිමිනුය මෙම වර්ජනය සැළසුම් කර ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ ඉතිහාසයේ වෙනස් හිමිකාරීත්වය සහිත සුපිරි වෙඝඳසැල් ජාල 02 ක සේවකයන් විසින් ඒකාබද්ධ වර්ජනයක් සංවිධාන කරන පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

ටස්මේනියා සහ Northern Territory හැර අනෙකුත් ප්‍රාන්ත 06 ම Coles සහ Woolworths සේවකයන් 1,000 කට වැඩි පිරිසක් මීට එක්වීමට නියමිතයි.

සුපිරි වෙළඳසැල් ජාල විසින් ඩොලර් බිලියන ගණනක ලාභ ලබමින් සිටින පසුබිමක සිය වැටුප් වැඩි නොකරන බව ඔවුන්ගේ ප්‍රධාන චෝදනාව වී තිබෙනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »