මාස 06 කදී නිවු සවුත් වේල්ස් Pokies යන්ත්‍ර මගින් $ බිලියන 3.9 ක් අහිමිවෙයි

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පසුගිය මාස 06 ක කාලය තුළ පෝකීස් යන්ත්‍ර හරහා සූදූ ක්‍රීඩා කල පුද්ගලන් විසින් අහිම කරගත් මුදල ඩොලර් බිලියන 3.9 ක් බවට නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

ඒ අනුව පෝකීස් යන්ත්‍ර මගින් දිනකට අහිමි කරගන්නා මුදල ඩොලර් මිලියන 22 ක් බවටයි ගණන් බලා ඇත්තේ.

කොවිඩ් සමයට පෙර වකවානුව හා සැසඳීමේදී මෙම වසර මුල් භාගයේදී පෝකීස් යන්ත්‍ර මගින් ඩොලර් මිලියන 745 ක ඉහළ ආදායමක් වාර්තා කර තිබීම විශේෂත්වයක්.

2022 වසරේ ජූලි පළමුවනදා සිට මෙම වසරේ ජූලි 01 වනදා දක්වා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සමාජ ශාලා ආශ්‍රිත භාවිතය සදහා එක්වු පෝකීස් යන්ත්‍ර සංඛ්‍යාව 648 කින් ඉහළ ගොස් ඇති අතර මේ වනවිට එම සංඛ්‍යාව පවතින්නේ 87,298 ක් ලෙසයි.

2019 වසරේ දී පෝකීස් යන්ත්‍ර භාවිතය පහළ මට්ටමක පැවති අතර සමාජ ශාලා 260 ක පමණක් එම යන්ත්‍ර භාවිත වු බව සදහන්.

පෝකීස් යන්ත්‍ර භාවිතයේ දී වැඩිම අලාභයක් වාර්තා වුයේ කැන්ටබරි ප්‍රදේශයෙන් වන අතර මාස දෙකක් වැනි කෙටි කාලයක් තුල ඩොලර් මිලියන 167 ක් අහිමි කරගෙන තිබෙනවා.

අදාළ පාඩු සැලකිල්ලට ගනිමින් සූදු ක්‍රිඩාවෙන් සිදුවන හානිය අවම වන අන්දමින් නව ප්‍රතිසංස්කරණ හදුන්වාදීම ගැන බලධාරීන්ගේ අවධානය මේ වන විට යොමුව තිබෙනවා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »