වහා ආරක්ෂිත ස්ථාන කරා යොමුවන්නැයි Gippsland ප්‍රදේශවාසීන්ට නැවතත් අනතුරු ඇගවීමක්

ධාරාණිපාත වැසි හමුවේ වහා ආරක්ෂිත ස්ථාන කරා යොමුවන්නැයි වික්ටෝරියා හි ගිප්ස්ලන්ඩ් ප්‍රදේශවාසීන්ට නැවතත් අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

තොම්සන් ගංගාවේ ජල මට්ටම මීටර් 3.7 ක් දක්වාද – මිචෙල් ගංගාවේ ජල මට්ටම මීටර් 6.51 ක් දක්වාද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අද පෙරවරුව වනවිට නිවාස සහ දේපළ 120 ක් පමණ සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබූ බවයි ආපදා සහන අංශ සඳහන් කලේ.

ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කර ඇති පිරිස් වෙත නැවත දැනුම් දෙන තුරු පැමිණීමෙන් වළකින ලෙසයි උපදෙස් දී ඇත්තේ.

ඉදිරි පැය 12 ත් 24 ත් අතර කාලයේදී වැසි තත්වය සළකා බලා ආපදා අනතුරු ඇගවීම දීර්ඝ කිරීම හෝ ඉවත් කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බවද වික්ටෝරියා ප්‍රාන්ත බළධාරීන් නිවේදනය කර සිටිනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »