ඇඩිලේඩ් බස් මගීන්ට ලබන සතියේ නොමිළයේ යාමට අවස්ථාවක්

ඇඩිලේඩ් පොදු ප්‍රවාහන බස් මගීන්ට ලබන සතියේ දිනයක නොමිළයේ ගමන් බිමන් යාමට අවස්ථාවක් ලබාදී තිබෙනවා.

ඒ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දින කිහිපයකට පෙර මගීන්ගෙන් වැඩිපුර ගාස්තු අයවී ඇති බවට හෙළිවීමත් සමගයි.

ක්‍රමයට අනුව බස් රථවල ඇති ටිකට් යන්ත්‍රවල වේලාවන් වෙනස් නොකිරීමෙන් කාර්ය බහුල වේලාවන්ගෙන් බැහැරවද වැඩි ගාස්තු අයකර ඇති බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

ටස්මේනියා බස් රථවල කාර්ය බහුල නොවන ගාස්තු අය කිරීම පෙරවරු 09 ට ආරම්භවීමට නියමිත වුවද පසුගිය ඉරිදා පෙරවරු 10 වන තෙක් වැඩි ගාස්තු අය කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

ඩොලර් සත 30 ත් ඩොලර් 1.85 ත් අතර අමතර ගාස්තුවක් මෙහිදී අයකරගෙන ඇති අතර ඒ වෙනුවෙන් ලබන සතියේ දිනයක නොමිළයේ ගමන් කිරීමට ඇඩිලේඩ් පොදු ප්‍රවාහන බස් මගීන්ට අවස්ථාව හිමිවනු ඇති.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »