Search

මෙම මූල්‍ය වර්ෂයේ ගතවූ කාලසීමාව තුළ 09% -20% ත් අතර අගයකින් විදුලි ගාස්තු ඉහළට

මෙම මූල වර්ෂයේ ගතවූ කාලසීමාව තුළ සියයට 09 ත් 20 ත් අතර අගයකින් විදුලි ගාස්තු ඉහළගොස් ඇති බවට තහවුරු කරගෙන තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු බලශක්ති නියාමන අධිකාරිය සඳහන් කලේ එය අපේක්ෂා කල වැඩිවීමට වඩා ඉහළ අගයක් බවයි.

ගල් අගුරු බලාගාර කිහිපයක් වසා දැමුණද බලශක්ති සමාගම් විසින් එය සාර්ථකව කළමණාකරණය කර ගැනීමට සමත්වී ඇති බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

ඇතැම් ප්‍රාන්ත රජයන් විසින් බලශක්ති ගාස්තු සහන ලබාදී ඇතත් ජීවන වියදමට සාපේක්ෂව සෙසු පිරිවැය වැඩිවීම විදුලි ගාස්තු ඉහළයාමටද බලපා තිබෙනවා.

එල් නිනෝ දේශගුණ විපර්යාසය හමුවේ ලබන ග්‍රීෂ්ම සෘතුවේදී නැවත වරක් ඔස්ට්‍රේලියාව තුළ විදුලි ගාස්තු ඉහළ යනු ඇති බවටද අනතුරු ඇගවෙනවා.

පෙර වසරවලට සාපේක්ෂව මෙවර දැඩි උණුසුමක් බලාපොරොත්තුවිය හැකි බැවින් වැඩි විදුලිය ප්‍රමාණයක් භාවිත වනු ඇති බවට තක්සේරු කර තිබීමයි ඊට හේතුව වන්නේ.

බලශක්ති සැපයුම්කරුවන්ට වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හමුවේ ඔවුන් විසින් ගාස්තු වැඩි කිරීමක් සිදුකරනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »