සරණාගත වීසා අයදුම්පත් අතුරින් 90 % ක ඇත්තේ අසත්‍ය තොරතුරු බව හෙළිවෙයි

සරණාගත වීසා අයදුම්පත්වල පවතින දැඩි ප්‍රමාදයට හේතුව අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කර ඇති අසත්‍ය තොරතුරු බව ෆෙඩරල් රජය පවසනවා.

එවැනි අයදුම්පත් අතුරින් සියයට 90 ක් පමණ මෙරට දේශපාලන රැකවරණ ලැබීමට සුදුස්සන් නොවන බවටයි හෙළිකරගෙන ඇත්තේ.

එහෙත් එවැනි පුද්ගලයන් විවිධ ක්‍රමෝපායන් යොදාගනිමින් වසර 11 ක් පමණ මෙරට රැඳී සිටින බව සඳහන්.

මෙම අයදුම්පත් ප්‍රමාදයේ වැඩිම අසාධාරණය එල්ල වන්නේ සැබෑ ලෙසම දේශපාලන රැකවරණ පතන්නන්ට වන අතර ඔවුන්ට දීර්ඝ කාලයක් බලාසිටීමට සිදුවනවා.

ව්‍යාජ තොරතුරු සහිත අයදුම්පත් හඳුනා ගැනීම ඇතුලු සංක්‍රමණ පද්ධතියේ දැවැන්ත වෙනස්කම් රැසක් සඳහා ෆෙඩරල් රජය විසින් ඩොලර් මිලියන 160 ක මුදලක් වෙන් කිරීමට සැළසුම් කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »