ජනමත විචාරණ පූර්ව ඡන්ද ප්‍රකාශ කල පිරිස ලක්ෂ 10 ඉක්මවයි

ස්වදේශික හඩ ජනමත විචාරණය සඳහා පූර්ව ඡන්ද ප්‍රකාශ කල පිරිස ලක්ෂ 10 ඉක්මවා ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ පළමු දින තුන තුළදී පමණක් නව ලක්ෂ පනස්දහසක් පමණ ඡන්දය භාවිත කර තිබූ බවයි.

මෙය පසුගිය ෆෙඩරල් මැතිවරණයේ පූර්ව ඡන්ද ප්‍රතිශතය හා සමාන වුවද ඉදිරි දින කිහිපය තුළත් මෙම උද්යෝගීමතභාවය පවතිනු ඇතිද යන්න සැකසහිත බවටයි අනාවැකි පළවන්නේ.

තැපැල් ඡන්ද අයදුම්පත් මිලියන 1.74 ක් මේ වන විට ලැබී ඇති අතර එය පසුගිය ෆෙඩරල් මැතිවරණයේදී මිලියන 2.7 ක් ලෙස පැවතුණා.

ලබන 14 වනදා ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය අවසන් වන තෙක් පූර්ව ඡන්ද ගණනය කිරීමක් සිදු නොවන බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ.

තැපැල් ඡන්ද ගණනය කිරීම ඔක්තොම්බර් මස 14 වනදා පස්වරුවේ ආරම්භ කෙරෙනු ඇති.

එහෙත් සමස්ත ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම සදහා අවම වශයෙන් දින 13 ක කාලයක් ගතවනු ඇති බැවින් අවසාන නිල ප්‍රථිඵලය නිකුත් කිරීම සදහා සති දෙකක පමණ කාලයක් ගත වනු ඇති බවයි මැතිවරණ කොමිසම කියාසිටියේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »