Tax return ඉදිරිපත් කිරීමේ කාලය ලබන 31 න් අවසන්

වාර්ෂික Tax return ලබා ගැනීම සදහා අදාළ ලිපි ලේඛණ ඉදිරිපත් කිරීමේ කාලය ලබන 31 වනදායින් අවසන් වීමට නියමිතයි.

එදිනට පෙර අදාළ ලිපි ලේඛන ලබා දීමට අපොහොසත්වන පුද්ගලයින්හට දඩ නියම වන බවයි බදු කාර්යාලය නිවේදනය කර ඇත්තේ.

Tax return සදහා වු ලේඛණ ලියාපදිංචි බදු නිලධාරියෙකු මාර්ගයෙන් හෝ තමන් විසින්ම ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

අදාළ තොරතුරු ATO වෙබ් අඩවිය ඔස්සේ ඇතුලත් කිරීමේ හැකියාව පවතින අතර අවශ්‍ය මූලික තොරතුරු ද එයින් ලබාගත හැකියි.

එම තොරතුරු පරික්ෂා කර බලා නිවැරදි කිරීමට මෙන්ම නව තොරතුරු ඇතුලත් කිරීමට ද එහිදී අවස්ථාව පවතිනවා.

වාර්ෂික බදු සහන ආදායම වන ඩොලර් 18,200 ට වඩා ආදායමක් උපයන සෑම පුද්ගලයකුම ටැක්ස් රිටන්ස් ලබාදීම අනිවාර්යයි.

එසේ ලබා දීම ප්‍රමාද වන සෑම දින 28 ක් සඳහාම ඩොලර් 313 ක දඩ මුදලක් බැගින් අයවනු ඇති.

කෙසේවෙතත් එලෙස නියම කල හැකි උපරිම දඩය ඩොලර් 1,565 ක්.

Tax return ලබාදීමට නියමිත කාලය ලබන වසරේ මැයි 15 දක්වා දිර්ඝ කර ගැනීමට ද හැකියාව පවතින අතර ඒ සදහා ගණකාධිකාරිවරයෙකු මාර්ගයෙන් ඉල්ලීමක් කල යුතු වනවා.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු යුවළකගේ දිවි අහිමි කළ සැකකරු ගැන අලුත් අනාවරණයක්

පිලිපීනයේ හෝටලයකදී ඔස්ට්‍රේලියානු පුරවැසියන් වන යුවළක් ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයා එම හෝටලයේ හිටපු සේවකයෙක් බවට අනාවරණ වී තිබෙනවා.

Read More »