පාසල් නිවාඩු නිසා අගෝස්තුවේ ප්‍රවාහන වියදම් ඉහළට

ප්‍රවාහන සේවා සදහා ඔස්ට්‍රේලියානුවන් විසින් මෑතකාලීනව වැඩිම මුදලක් වැයකල මාසය ලෙස අගෝස්තු මාසය නම් කර තිබෙනවා.

සංඛ්‍යාලේඛන කාර්යාංශ වාර්තා පෙන්වා දෙන්නේ එම අගය පසුගිය අගෝස්තුවට සාපේක්ෂව සියයට 4.8 ක ඉහළයාමක් බවයි.

ගතවූ මාස 12 තුළ ගෘහාශ්‍රිත ප්‍රවාහන වියදමෙහි ඉහළයාම සියයට 17.1 ක් ලෙසයි සටහන් වන්නේ.

ඉන්ධන මිල ඉහළ යෑම, පොදු ප්‍රවාහන වියදම ඉහළ යාමට ප්‍රධාන හේතු ලෙසයි අනාවරණය වී ඇත්තේ.

විශේෂයෙන් පාසැල් නිවාඩුවත් සමග විවිධ සංචාර සඳහා යොමුවීමෙහි කැපී පෙනෙන ඉහළයාමක් සටහන්ව තිබීම ද විශේෂත්වයක්.

ගෘහාශ්‍රිත ප්‍රවාහන වියදමට සාපේක්ෂව සෞඛ්‍යය ඇතුලූ ආහාර සදහා වන වියදම ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සමස්තයක් ලෙස භාණ්ඩ හා සේවා සඳහා වන වියදම් සියයට 9.1 කින් ඉහළ ගොස් ඇති අතර වියදම් වැඩිම ප්‍රාන්තය ලෙස බටහිර ඔස්ට්‍රේලියාව හඳුනාගෙන තිබෙනවා.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »