
ලබන වසර මැද භාගය වන තෙක් ගුවන් ගමන් ගාස්තුවල කිසිදු අඩුවීමක් සිදු නොවන බව අනාවරණ වී තිබෙනවා.
විචාරකයින් පෙන්වා දෙන්නේ ප්‍රාදේශීය ගුවන් වාර මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි.
අධික වියදම හේතුවෙන් බොහෝ පිරිස් ප්‍රාදේශීය ගුවන් සේවා භාවිතයෙන් ඉවත්ව ඇති අතර ව්‍යාපාරික ප්‍රජාවට ඉන් සිදුවන බලපෑම ඉහළ බව ද සදහන්.

සිඩ්නි සිට බ්‍රිස්බන් දක්වා ගුවන් ගාස්තු දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර වර්ජීන් ගුවන් සමාගම සදහන් කර ඇත්තේ දැරිය හැකි මිල ගණන් යටතේ ගුවන් ගමන් ගාස්තු ලබා දීම තම අරමුණ බවයි.
