Search

NSW ඉන්ධන සොරා ගැනීම් දශක කිහිපයකට පසු ඉහළම අගයට

දශක කිහිපයකට පසු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ධන සොරා ගැනීම් ඉහළම අගය සටහන් කර තිබෙනවා.

ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගෙන මුදල් නොගෙවා පිටත්ව යාම ඉන් බහුලම සිදුවිම බවයි ප්‍රාන්ත අපරාධ කාර්යාංශය නිකුත් කර ඇති දත්ත සටහන්වල දැක්වෙන්නේ.

මෙ වසරේ ජුනි දක්වා කාලය තුළ එලෙස මුදල් නොගෙවා ඉන්ධන ලබාගෙන ඇති රියදුරන් සංඛ්‍යාව 11,763 ක්.

වැඩිම සිදුවීම් පසංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය මාර්තු මාසයේදී වන අතර එය 1,272 ක් ලෙස සටහන් වී තිබෙනවා.

මෙම 11,763 දෙනා අතුරින් හඳුනාගැනීමෙන් පසු නීතිමය පියවර ගෙන ඇත්තේ 1,300 කට ආසන්න පිරිසකට පමණක් බව සඳහන්.

වැඩිම ඉන්ධන සොරා ගැනීම් වාර්තා වන්නේ බ්ලැක්ටවුන් ප්‍රදේශයෙන් බවට හඳුනාගෙන තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් මෙම වසරේ මුල් මාස 03 තුළදී මුදල් නොගෙවා ඉන්ධන ලබාගැනීමේ සිදුවීම් 4,109 ක් වාර්තා වී තිබුණා.

ඉහළ ජීවන වියදම සහ ඉන්ධන මිළ ඉහළ යාම මීට ප්‍රධාන හේතුවයි.

වසරකදී සමස්ත ඔස්ට්‍රේලියාව තුළ සිදුවන ඉන්ධන සොරා ගැනීම්වල වටිනාකම ඩොලර් මිලියන 85 කට ආසන්න බවටයි තක්සේරු කර ඇත්තේ.

SOURCE : https://www.skynews.com.au/australia-news/crime/bowser-theft-rising-across-new-south-wales-as-households-struggle-with-high-cost-of-living-and-petrol-prices/news-story/98c9d4a9cba5cab0e3dffcea44c202a1

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »

ජනපති ට්‍රම්ප් අගමැති ඇල්බනීස් සමග සාකච්ඡාවකට

ෆෙඩරල් මැතිවරණයෙන් පසු වෙළඳාම සහ තීරුබදු පිළිබඳව අගමැති ඇන්තනි ඇල්බනීස් සමඟ කතා කරන බව අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබෙනවා.

Read More »