දැඩි සුළං නිසා සිඩ්නි ගුවන් ගමන් රැසකට බාධා – වික්ටෝරියාවට ජලගැලීම් අනතුරු ඇගවීම්

දැඩි සුළං තත්වය හමුවේ සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් සඳහා දැඩි බාධා එල්ල වී තිබෙනවා.

මේ වනවිට මෙහෙයුම් එක් ධාවන පථයකට පමණක් සීමා කර ඇති අතර ගුවන් වාර 60 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කර ඇති බව සඳහන්.

අද දිනය පුරා මෙම තත්වය පැවතිය හැකි අතර ප්‍රමාද කිරීම් සහ අවලංගු කිරීම් අපේක්ෂා කල හැකියි.

එබැවින් සිය ගුවන් ගමන පිළිබඳ තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් ගුවන් තොටුපළට පැමිණෙන ලෙස ගුවන් මගීනට දැනුම් දීමක් සිදු කෙරෙනවා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතැම් ස්ථානවලට මේ වනවිට පැයට කිලෝමීටර් 100 ත් 125 ත් අතර වේගයකින් දැඩි සුළං හමායමින් පවතින බවයි පැවසෙන්නේ.

මේ අතර වික්ටෝරියා හි ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 150 ක දැඩි වර්ෂාපතනයත් සමග ජලගැලීම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

(Bellbird Corner, Maffra, Mewburn Park, Newry, Riverslea, Tinamba, and Tinamba West)

එම ප්‍රදේශවල ජනතාවට වහා ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙසටයි ප්‍රාන්ත ආපදා සහන අංශ දන්වා ඇත්තේ.

පිහියකින් සන්න්ධ වූ මෙල්බන් කාන්තාවට පොලිසියෙන් වෙඩි

මෙල්බර්න් තෝන්බරි ප්‍රදේශයේදී පිහියකින් සන්නද්ධව සිටි කාන්තාවකට පොලිසිය කළ වෙඩි තැබීමකින් ඇය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

පිහි අපරාධ පාසල්වලටත් පැතිරෙයි?

බටහිර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්ෆීල්ඩ්ස්හි (Goldfields) පාසලකදී සිසුවෙක් විසින් පිහියක් පෙන්වා තවත් සිසුවෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බටහිර ඔස්ට්‍රේලියා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාර පිළිබඳ දෙමාපියන් කනස්සල්ල පළ කර තිබෙනවා.

Read More »

මෙල්බන් සුපිරි වෙළඳසැල් කොල්ලයේ තවත් තොරතුරු එළියට

මෙල්බර්න් නගරයේ සුපිරි වෙළඳසැල් හතරකට තියුණු ආයුධ සහිතව කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායම හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමට සූදානම් බව පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකා කණ්ඩායම සමාව ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමස්ත ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙන්නම රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

Read More »

උපන් දිනය පෙනි පෙනී “සිඩ්නි” ගුවන් යානයේදී මියයයි

චිකාගෝ වෙත ගමන් කරමින් තිබූ ගිය ස්කයිවෙස්ට් ගුවන් යානයකදී අට හැවිරිදි දැරියක් හදිසියේ මිය යාම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.

Read More »

ස්කොට්ලන්තයට එරෙහි තරගයෙන් ඔස්ට්‍රේලියාවට තියුණු ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග අද පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් රැස් කළා. පන්දු යැවීමේදී ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 2ක් බිඳහෙලුවා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. Travis Head ලකුණු 68ක් ලබා ගත්තා. මේ

Read More »