Temporary Graduate වීසා අවුරුදු 35 ට අඩු අයට පමණක් දෙන්නැයි යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේදී උසස් අධ්‍යාපනය හදාරා Temporary Graduate වීසා බලපත්‍රයේ සිටින්නන් අතුරින් එම වීසා බලපත්‍රය ඉකුත්වීමට පෙර ස්ථිර පදිංචිය සඳහා මාර්ගයක් උදාවනුයේ 1/3 කටත් අඩු පිරිසකට බව අනාවරණය වී තිබෙනවා.

ග්‍රැටන් ආයතනය නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ Temporary Graduate වීසා ලාභීන් බහුතරයක් මෙම කරුණ හමුවේ අපේක්ෂා භංගත්වයට පත්ව සිටින බවයි.

2014 වසරේදී මෙම අගය 2/3 ඉක්මවා පැවති බවයි එහි සඳහන් වන්නේ.

දැනට ඔස්ට්‍රේලියාව තුළ පවතින උග්‍ර සේවක හිගය මගහරවාලීමේ අරමුණ ඇතිව Temporary Graduate වීසා බලපත්‍රයේ කාලසීමාව දීර්ඝ කිරීමට වත්මන් ලේබර් පක්ෂ රජය මීට මාස කිහිපයකට පෙර පියවර ගනු ලැබුවා.

එය අදූරදර්ශී තීරණයක් බවත් එමගින් සිදුවන්නේ ස්ථිර පදිංචිය ලබාගත හැකි පිරිස තවත් සීමාවීම පමණක් බවත් ග්‍රැටන් ආයතනය නිකුත් කල වාර්තාවේ සඳහන්.

දිගින් දිගටම රට තුළ රැඳී සිටීමේ අරමුණ ඇතිව Temporary Graduate වීසා ලාභීන් විශාල පිරිසක් නැවතත් විවිධ අධ්‍යාපන පාඨමාලා සඳහා යොමුවන අතර ඇතැමුන් අඩු කුසලතා සහිත අඩු වැටුප් රැකියා වෙත යොමුවන බවයි එහි තවදුරටත් දැක්වෙන්නේ.

2030 වසර වනවිට ඔස්ට්‍රේලියාව තුළ Temporary Graduate වීසා ලාභීන් 370,000 කට අධික පිරිසක් සිටිනු ඇති බවද එය සංක්‍රමණ පද්ධතියේ විශාල දුර්වලතාවයක් වනු ඇති බවත් ග්‍රැටන් ආයතනය සිය වාර්තාවෙහි අන්තර්ගත කර තිබෙනවා.

මෙම තත්වය වහා නිවැරදි කිරීමට යෝජනා කිහිපයක්ද ඔවුන් විසින් ඉදිරිපත් කර සිටිනවා.

Temporary Graduate වීසා බලපත්‍රයේ කාලසීමාව අඩු කිරීම – එම බලපත්‍රය නිකුත් කිරීම සඳහා ඉංග්‍රීසී අවශ්‍යතාවය ඉහළ නැංවීම – අවුරුදු 35 ට අඩු පුද්ගලයන්ට පමණක් Temporary Graduate වීසා බලපත්‍ර නිකුත් කිරීම ඒ අතර වනවා.

එමෙන්ම Temporary Graduate වීසා බලපත් දීර්ඝ කිරීම් කප්පාදු කිරීමත් – වසරකට ඩොලර් 70,000 ක ආදායමක් ඉපැයිය හැකි වීසා ලාභීන් වෙනුවෙන් පමණක් වීසා දීර් කිරීම් සිදුකිරීමත් එම යෝජනා අතරට අයත්.

sources :

https://www.abc.net.au/news/2023-10-04/international-student-graduate-visa-permanent-residency-pathways/102923628?utm_campaign=abc_news_web&utm_content=link&utm_medium=content_shared&utm_source=abc_news_web

https://grattan.edu.au/report/graduates-in-limbo/

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »