පොදු ස්ථාන වල බීමත්ව හැසිරෙන පුද්ගලයින් පාලනයට සූදානම් බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය පවසනවා.
ලබන නොවැම්බර් 07 වන දිනට යෙදී ඇති මෙල්බන් කප් තරගාවලි දිනයෙන් පසු ප්‍රාන්තය පුරා ප්‍රසිද්ධියේ මත්පැන් පානය අපරාධමය වරදක් වන්නේ නැහැ.
ඒ අනුව එදිනට පසු පොදු ස්ථාන වල බීමත්ව හැසිරෙන පුද්ගලයින් හඳුනාගත්ත ද ඔවුන් අත්අඩංගුවට ගැනිමට හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
පොදු ස්ථාන වල බීමත්ව හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ බලතල පොලීස් නිලධාරීන් වෙත ලබාදීමට කල යෝජනාව ද ප්‍රාන්ත රජය විසින් ප්‍රතික්ශේප කර තිබුණා.
කෙසේ වෙතත් නොවැම්බර් 07 වන දිනෙන් පසු පොදු ස්ථානවල බීමත්ව කළහකාරීව හැසිරෙන පුද්ගලයින් තාවකාලිකව මධ්‍යස්ථාන 03 ක රඳවා තැබීමට නියමිතයි.