
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ තරුෂි කරුණාරත්න රන් පදක්කම හිමිකරගැනීමට සමත්විය.
ඒ සඳහා ඇය ගතකළ කාලය මිනිත්තු 2:03.20කි.
එම ඉසව්වේ රිදී පදක්කම ඉන්දියාව හිමිකරගත් අතර ලෝකඩ පදක්කම චීනය හිමිකරගත්තේය.

2002 වසරෙන් පසුව මළල ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් හිමිකරගත් පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්විය.