Search

කටාර් ඉල්ලීම් ඉවත දැමීම ගැන සාක්ෂි දෙන්න ප්‍රවාහන ඇමතිනී බෑ කියයි

කටාර් ගුවන් සේවයට අමතර ගුවන් වාර අවහිර කිරීම සම්බන්ධයෙන් ගත් තීරණය සොයා බැලිමට පත් කල සෙනෙට් කමිටුව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා පැමිණෙන ලෙස කල ඉල්ලීම ප්‍රවාහන අමාත්‍ය කැතරින් කිං විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ක්වන්ටාස් හිටපු ප්‍රධාන විධායක නිළධාරී ඇලන් ජොයිස් ද මෙතෙක් එම කමිටුව හමුවට පැමිණීම ප්‍රතික්ෂේප කරනු ලැබයි සිටින්නේ.

අමතර ගුවන් වාර 28 ක් ක්‍රියාත්මක කිරීම සඳහා කටාර් ගුවන් සේවය කල යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට බලපෑ සැබෑ හේතු දැනගැනීම සඳහායි මෙම සෙනෙට් කමිටුව හමුවට ප්‍රවාහන ඇමතිනී කැතරින් කිං කැඳවා ඇත්තේ.

කෙසේ වෙතත් විපක්ෂය පෙන්වා දෙන්නේ දිගින් දිගටම සෙනෙට් විමර්ශණ සදහා ප්‍රවාහන අමාත්‍යවරිය පැමිණීම ප්‍රතික්ශේප කරන්නේ නම් ඒ සදහා විකල්ප ක්‍රම භාවිත කිරීමට සිදුවන බවයි.

ක්වන්ටාස් ගුවන් සේවය ආරක්ෂා කරගැනීමේ අරමුණින් අදාල යෝජනා ප්‍රතික්ශේප කිරීමට බලධාරීන් ක්‍රියා කර ඇති බවටද ඇතැම් පාර්ශව චෝදනා නගනවා.

අමතර ගුවන් වාර ඇති කිරීම මගින් ගුවන් ගාස්තු සියයට 40 කින් පහත දැමීමට හැකි පසුබිමක් තුල කැතරින් කිං එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම දේශපාලන වාසි අපේක්ෂාවෙන් සිදු කල දෙයක් බවයි ඔවුන්ගේ ස්ථාවරය වන්නේ.

කෙසේවෙතත් ෆෙඩරල් රජය පෙන්වා දෙන්නේ කටාර් ගුවන් සේවයේ යෝජනා ප්‍රතික්ශේප කිරීම ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත් තීරණයක් පමණක් බවයි.

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »