වසර 168 කට පසු මෙල්බන් උෂ්ණාධිකම සැප්තැම්බර් මාසය මෙම වසරේදී

වසර 168 කට පසු මෙල්බන් නගරයේ උෂ්ණාධිකම සැප්තැම්බර් මාසය මෙම වසරේදී සටහන්වී තිබෙනවා.

එමෙන්ම රට තුළ වියළිතම සැප්තැම්බරයද මෙවර සටහන් වී ඇත්තේ සමස්තයක් ලෙස මිලිමීටර් 4.88 ක සාමාන්‍ය වර්ෂාපතනයක් සටහන් කරමිනුයි.

1900 වසරෙන් පසු මාසයකදී සටහන් වූ වාර්තාගත අවම වර්ෂාපතනයන් අතුරින් එකක් ලෙසටයි එය සැළකෙන්නේ.

පසුගිය මාසයේ වඩාත් වියළිම ප්‍රාන්තය බවට වික්ටෝරියා පත්ව ඇති අතර දෙවන ස්ථානයට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පත්ව තිබෙනවා.

සමස්තයක් ලෙස සැප්තැම්බර් මාසයක මෙරට තුළ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා මෙවර සැප්තැම්බර් මස උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.43 කින් ඉහළ ගොස් ඇති බවයි කාළගුණ වාර්තාවල සඳහන් වන්නේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 05 කින් ඉහළ ගොස් ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.7 කින් ඉහළ ගොස් තිබුණා.

එල් නිනෝ කාළගුණ තත්වයත් සමග තවදුරටත් රටතුළ උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන බවයි කාලගුණ අංශ නිවේදනය කර ඇත්තේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »