හිසකෙස් ගැලවී යෑම සහ චර්ම පිළිකා අතර සම්බන්ධය ඔස්ට්‍රේලියාවේදී හෙළිවෙයි

හිසකෙස් ගැලවී යෑම සහ චර්ම පිළිකා අතර යම් සම්බන්ධතාවක් පවතින බව ඔස්ටේ්‍රලියාවේදී සිදුකල පර්යේෂණයකදී අනාවරණය වී තිබෙනවා.

පර්යේෂකයින් පෙන්වා දෙන්නේ හිසකෙස් නොමැති වීම හේතුවෙන් හිස් කබල සෘජුව හිරු එළියට නිරාවරණය වීම මීට ප්‍රධාන හේතුව බවයි.

හිස් කබලට හිරු රෂ්මියෙන් සිදුවන බලපෑම පාලනය කිරීම සදහා හිසකෙස් අත්‍යවශ්‍ය වන අතර හිසකෙස් අවම පුද්ගලයින්ට ඉන් සිදුවන බලපෑම ඉහළ බවයි හෙළිකරගෙන ඇත්තේ.

හිරු එළිය සෘජුව හිස් කබලට පතිතවීමෙන් පුරුෂයන්ට අත්‍යවශ්‍ය ටෙස්ටොස්ටරෝන් හෝමෝනය නිපදිවීමට බාධා මතුවන බව පර්යේෂකයින් පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියාව චර්ම පිළිකා මරණ බහුල රටක් ලෙස සැළකෙන අතර සෑම විනාඩි 30 කට වරක් එවැනි මරණයක් වාර්තා වන බව සඳහන්.

රෝගී සැමියා අවසන් ගමන් යවන්න හැදූ බිරිඳට වැඩ වරදී

ඩිමෙන්ශියා රෝගයෙන් පෙළුණු තම සැමියා එන්නතක් ශරීර ගත කර ඝාතනයට තැත් කළ කාන්තාවක් පිළිබඳ පුවතක් බටහිර ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

Read More »

තරුණයන්ට දුම් පානය කිරීමට නොහැකි වෙන නව නීතියක්

2009 වසරෙන් පසු උපත ලැබූ ඕනෑම අයෙකුට දුම්පානය තහනම් කිරීමට නීති සම්පාදනය කෙරෙන පනත් කෙටුම්පතට එක්සත් රාජධානියේ නීති සම්පාදකයින් සහාය දක්වා තිබෙනවා.

Read More »

අවුරුදු ගීතයක් විකෘති කළ රාජ්‍ය සේවකයෙක් අත්අඩංගුවට

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ශුරීන්ගේ අලුත් අවුරුදු ගීතයක් විකෘත කිරීමේ චෝදනා මත සුරාබදු නිලධාරියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

තමාම නිර්මාණය කර ගත් සොහොන් බිමේ අවසන් ගමන් යන පාලිත තෙවරප්පෙරුම

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා ඔහු විසින්ම නිර්මාණය කර ගත් සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසනවා.

Read More »

කාන්තාවන්ගේ මූලික අවශ්‍යතාවයක් බදුවලින් නිදහස් කරන්නැයි ඉල්ලීම්

බ්‍රිතාන්‍ය කාන්තාවන්ගේ යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා සඳහා බදු මුදල් අය කිරීම සාධාරණ නොවන බවට සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

Read More »