ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උලළෙන් ඉවතට

ආසියානු ක්‍රීඩා උළලේ පදක්කමක් පිළිබද බලාපොරොත්තු තබා ගැනීම සදහා පැවති තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකාව අද පරාජයට පත් වුණා.

ඒ, පිරිමි ක්‍රිකට් ඉසව්වේදීයි.

තරගාවලියේ 3වන අර්ධ අවසන් පූර්ව තරගය ලෙස පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා ප්‍රතිවාදීන් වූයේ ඇෆ්ගනිස්ථානයයි.

ශ්‍රී ලංකා දක්‍ෂ පන්දු යැවීම හමුවේ ඇෆ්ගනිස්ථාන ඉනිම ලකුණු 116කට සීමා වුණා.

දක්‍ෂ පන්දු යැවීමක නිරත වූ නුවන් තුෂාර ලකුණු 17කට කඩුළු 7 ක් බිද හෙළුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 108 ක් පමණයි.

ඒ, අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ආසියානු ක්‍රීඩා උලළෙන් ඉවත්වීමට සිදුවුණා.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ළදරුවන්ගේ ආහාර අසාත්මිකතාවට හේතු සොයා පරීක්ෂණ

ඔස්ට්‍රේලියාවේ ළදරුවන්ගෙන් සියයට 10කට පමණ බලපාන ආහාර අසාත්මිකතා ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »