පර්ත් සිට ප්‍රාදේශීය ගුවන් වාර රැසක් අද අවලංගුයි

පර්ත් සිට ගමන් ආරම්භ කරන ප්‍රාදේශීය ගුවන් වාර රැසක් අද දිනයේදී අවලංගු කර තිබෙනවා.

ඒ සියයට 50 ක වැටුප් වර්ධකයක් ඇතුලු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ක්වන්ටාස් ගුවන් නියමුවන් විසින් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙනුයි.

ක්වන්ටාස් ගුවන් සේවය විසින් සියයට 25 ක වැටුප් වැඩිවීමක් යෝජනා කර ඇතත් නියමුවන් ඊට එකගතාවය පළකර නැහැ.

පැය 24 ක කාලයක් ක්‍රියාත්මක මෙම වර්ජනය හමුවේ ගුවන් මගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මගීන්ට අවම අපහසුතාවක් ඇතිවන අයුරින් අද දිනයට යෙදී ඇති ගුවන් වාර අවලංගු කිරීම් හෝ වේලාවන් වෙනස් කිරීම්වලට ලක් කරන බවද ක්වන්ටාස් ගුවන් සේවය නිකුත් කර ඇති නිවේදනයක සඳහන්.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකාවේ සිට පැමිණි සරණාගතයෙක් සිඩ්නි පිහි ඇනුමට ලක්වූවන් අතර

සිඩ්නි බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් පිහි ඇනුමෙන් මියගිය අය අතර ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට ගිය පකිස්ථාන සරණාගතයෙක් ද වන බව අනාවරණ වී තිබෙනවා.

Read More »