ටස්මේනියා ප්‍රාන්තයේ හදිසි මැතිවරණයක් පැවැත්වීමේ අවධානම පහව ගොස් තිබෙනවා.
ඒ ස්වාධීනව සිටීමට තීරණය කල හිටපු නීතිපතිනී එලිස් ආර්චර් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීමත් සමගයි.
මේ අනුව ඇය නියෝජනය කරන ආසනය වෙනුවෙන් ලිබරල් පක්ෂය සඳහා වෙනත් සභිකයෙකු පත්වන අතර සුලුතර රජය තවදුරටත් පවත්වාගෙන යනු ඇති.
මෙරට ප්‍රාන්ත අතරින් තවමත් ලිබරල් පක්ෂ පාලනයක් පවතින එකම ප්‍රාන්ත රජය වන්නේද ටස්මේනියාව පමණයි.
කෙසේවෙතත් ඇතැම් තීරණාත්මක පණත් කෙටුම්පත් සම්මත කරගැනීම තවමත් අවධානම් තත්වයේයි පවතින්නේ.