අත්හැර දමන ලද පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලට අදාළ නීති උපදෙස් වෙනුවෙන් වික්ටෝරියා ප්රාන්ත රජය විසින් ඩොලර් මිලියන 1.3 ක මුදලක් වැයකර ඇතැයි අනාවරණය වී තිබෙනවා.
ඉවත්වීමේ තීරණය දැනුම්දීමට සති 03 කට පෙර සිට එවක පැවති ඩැනියල් ඇන්ඩෲස් රජය විසින් නීතීඥ සහාය පතා ඇති බවයි හෙළිකරගෙන ඇත්තේ.
එමෙන්ම වික්ටෝරියා රජයේ ඉහළ පෙළේ නියෝජිතයෙකු විසින් ලන්ඩන් නුවරට ගොස් පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා බලධාරීන් දැනුවත් කර ඇති අතර ඒ සඳහා ද මහජන මුදල් වැය කර ඇති බවටත් චෝදනා එල්ල වනවා.
මෙලෙස වැය කර ඇත්තේ වික්ටෝරියානුවන්ගේ බදු මුදල් බවටයි පාලක ලේබර් රජයට දෝෂාරෝපණ එල්ල වී ඇත්තේ.
පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙල අවලංගු කිරීමට අදාළව සෙනෙට් කමිටු විමර්ශනයක් පැවැත්වීමට නියමිතව තිබියදීයි මෙම තොරතුරු අනාවරණය වන්නේ.